වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රි ලංකා කණ්ඩායමට තිබු අවස්ථාව අහිමි වුණා.
ඒ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමඟ ඊයේ පැවැති තරඟයෙන් ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 4කින් පරාජයට පත්වීම හේතුවෙන්.
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකිවුයේ ලකුණු 134ක් පමණයි.
විනුජ රන්පුල් ලකුණු 10කට කඩුළු 05ක් දවා ගැනීමට සමත් වුණා.
පිළිතුරු වශයෙන් පන්දුවට පහරදුන් ශ්‍රි ලංකා කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් ලකුණු 130කට දැවී ගියා.
නායක දුනිත් වෙල්ලාලගේ ලකුණු 34ක් ලබාගැනීමට සමත් වුණා.