ජනවාරි මාසයේ ගෙවුණු දින 28 තුළ පමණක් ඩෙංගු රෝගීන් 6923ක්

Share

ජනවාරි මාසයේ ගෙවුණු දින 28 තුළ පමණක් ඩෙංගු රෝගීන් 6923ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය වාර්තා කරනවා.

ඒ අනුව සියලු දෙනාම එක්ව ඩෙංගු රෝග ව්‍යාප්තිය වළක්වාලීමට ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සූදානම් බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ.

මේ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා.

Read more

Local News