විදුලිය අඛණ්ඩව ලබා දෙන්න දැන් ඉන්ධන අත්‍යවශ්‍යයි. ඒත් අපි ඉන්නේ විශාල ඉන්ධන අර්බුදයක.
මීට පිළියම් ලෙස හෙට සහ අනිද්දා දිනවල දී ඉන්දියන් ඔයිල් සමාගමෙන් සෘජුව ම ඉන්ධන මිලදී ගැනීමේ හැකියාව පවතින බව විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා.
පවතින විදුලි අර්බුදයට විසඳුමක් ලෙස පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේ සූදානමක් පවතින බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.



