දුම්රිය නියාමකවරුන් කිහිපදෙනෙකුට කොවිඩ් වෛසරය ආසාදනය වීම හේතුවෙන් දුම්රිය ගමන්වාර 14 ක් අවලංගු කිරීමට තීරණය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
කිසිදු දැනුම්දීමකින් තොරව දුම්රිය ගමන්වාර අවලංගු කිරීම නිසා මගීන් අද අපහසුතාවයට පත් වුණා.
බොහෝ අවස්ථාවල සිදු වන දුම්රිය ප්රමාදයට ජනතාවගෙන් එල්ල වන්නේ බරපතල චෝදනාවක්.
මේ වන විට මරදාන නියාමක මහතුන් 05කට කොවිඩ් වෛරසය අසාදනය වීම සහ 17 දෙනෙකු කොවිඩ් ආශ්රිත වීම හේතුවෙන් සහ මාතර නියමක මහතුන් 03ක්, හලාවත නියාමක මහතුන් 03ක්, පොල්ගහවෙල නියාමක මහතුන් 02ක්, මහව නියාමක මහතුන් 01ක්, නුවර නියාමක මහතුන් 07ක්, නාවලපිටිය නියාමක මහතුන් 05ක්, අනුරාධපුර නියාමක මහතුන් 01 ක්, මඩකලපුව නියාමක මහතුන් 01ක්, අලුත්ගම නියාමක මහතුන් 03ක් ආදී වශයෙන් කොවිඩ් අසාදනය වීම හේතුවෙන් අසනීප නිවාඩු වාර්තා කර ඇත.




