නිදහස් දිනයේ ආරක්‍ෂාවට නිලධාරීන් 3000 කට අධික පිරිසක්

Share

අභිමානවත් 74 වන නිදහස් දිනය එළඹෙන 04 වනදා සැමරීමට නියමිතයි.

ඒ අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනක්, සෞභාග්‍යමත් දේශයක් යන තේමාව පදනම් කර ගනිමිනුයි.

ඒ අනුව මෙරටට නිදහස ලබා ගැනීමට කැප වූ සියලු විරුවන්ට මෙවර නිදහස් දින සැමරුමේ දී පුෂ්පෝපහාර සිදු කරන බවයි අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ.

ජාතික නිදහස් දිනය සැමරීම වෙනුවෙන් කොළඹදී පවත්වන සමරු උළෙල වෙනුවෙන් කොළඹ නගර සීමාව සහ බස්නාහිර පළාත ආවරණය වන පරිදි ආරක්‍ෂක නිලධාරීන් 3000 කට අධික පිරිසක් ආරක්‍ෂාව සඳහා යොදවන බව පොලිසිය පවසයි.

Read more

Local News