2022.01.27 වන දින පානදුර මූලික රෝහල ඉදිරිපිට ප්‍රධාන දොරටුව අසලදී ගිලන්රථ රියදුරකු ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීමක් සිදු කිරීමට තැත් කිරීමක් පිළිබඳව වූ සිදුවීම සම්බන්ධරයන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර ඇත.
මෙම වෙඩි තැබීම සිදු කිරීමේ අරමුණින් යතුරුපැදි දෙකකින් සැකකරුවන් 04 දෙනෙකු පැමිණ ඇති බවට අනාවරණය වී ඇති අතර, ඉන් දෙදෙනෙකුගේ පුද්ගලික තොරතුරු
විමර්ශනවලදී අනාවරණය විය. එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගේ සහය අරේක්ෂා කරන අතර, නිවැරදි තොරතුරක් ලබාදෙන පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ දහයක (රු. 10,00,000 /-) ත්‍යාග මුදලක් ලබාදීමට පොලිස් මූලස්ථානය තීරණය කර ඇත.





