අද දින විදුලි කප්පාදුවක් සිදු වන්නේ නැහැ

Share

අද දින විදුලි කප්පාදුවක් සිදු වන්නේ නැති බව විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා.

ඊයේ දින අක්‍රීය වූ නොරොච්චෝලේ බලාගාරයේ තුන් වන ජනන යන්ත්‍රය සහ බාච් බලාගාරය මේ වන විට ජාතික විදුලි බල පද්ධතියට එක් කර තිබෙනවා.

මේ අතර සතියකට අවශ්‍ය ඉන්ධන විදුලි බල මණ්ඩලයට ලබා දීමට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා එකඟ වී ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද පෙරවරුවේ ප්‍රකාශ කළා.

Read more

Local News