නව රාජ්‍ය තාන්ත්‍රිකයින් අක්තපත්‍ර භාර දේ

Share

ශ්‍රී ලංකාවට අලුතින් පත් ව පැමිණි තානාපතිවරු 07 දෙනෙක් සහ මහකොමසාරිස්වරු 02 දෙනෙක් ඊයේ (01) ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර භාර දී තිබෙනවා.

ඩෙන්මාර්කය, එස්ටොනියාව, පාකිස්ථානය, ගැම්බියාව, කසකස්ථා නය, පිලිපීනය, ඔස්ට්‍රියාව, අයිස්ලන්තය සහ ඊශ්‍රායලය සඳහා නව තානාපතිවරු සහ මහකොමසාරිස්වරු පත් ව තිබෙනවා.

පාකිස්ථාන මහකොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ සිටත්, පිලිපීන තානාපතිවරයා බංග්ලාදේශයේ ඩකා නුවර සිටත් සෙසු තානාපතිවරු ඉන්දියාවේ නවදිල්ලි නුවර සිටත් රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම් සිදු කරනු ලබනවා.

  1. ඩෙන්මාර්ක තානාපති ​​- ෆ්‍රෙඩි ස්වේන් මහතා ( Mr. Freddy Svane)
  2. එස්ටෝනියානු තානාපති ​- කැට්‍රින් කිවි මහත්මිය (Ms. Katrin Kivi)
  3. පාකිස්ථාන මහා කොමසාරිස් ​- මේජර් ජෙනරාල් (විශ්‍රාමික) උමාර් ෆාරූක් බර්කි (Maj. Gen. (Retd.) Umar Farooq Burki)
  4. ගැම්බියා මහා කොමසාරිස් ​- මුස්තාෆා ජවාරා මහතා (Mr. Mustapha Jawara)
  5. කසක්ස්තාන තානාපති ​​- නුර්ලන් සල්ගස්බයෙව් මහතා (Mr. Nurlan Zhalgasbayev)
  6. පිලිපීන තානාපති ​​- ඇලන් ඩෙනීගා මහතා ( Mr. Alan Deniega)
  7. ඔස්ට්‍රියානු තානාපති ​​- කතරිනා වයිසර් මහත්මිය (Ms. Katharina Wieser)
  8. අයිස්ලන්ත තානාපති ​​- ගඩ්නි බ්‍රගසන් මහතා (Mr. Gudni Bragason)
  9. ඊශ්‍රායල් තානාපති ​​- නාඕර් ගිලොන් මහතා ( Mr. Naor Gilon)

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ සහ ප්‍රධාන සන්ධාන නිලධාරී සෙනරත් දිසානායක යන මහත්වරු මේ අවස්ථාවට එක් ව සිටියා.

Read more

Local News