ලක්ෂ 40 ක හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන්

Share

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිල්වෙස්ටර් විජේසිංහ මහතාට ලද තොරතුරකට අනුව එම මහතාගේ උපදෙස් පරිදි පසු මූලස්ථානයේ විශේෂ වැටලීම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දේශප්‍රිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මහවත්ත පාර ප්‍රදේශයේ වැටලීමක් සිදුකර හෂීස් කිලෝ 03 යි ග්‍රෑම් 926 ක් සමග වයස අවු. 34 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුගේ නිවස විශේෂ පරික්ෂාවකට ලක්කර සොයා ගත් රහස් බංකරයක සූක්ෂම ලෙස සගවා තබන ලද මෙම හෂීස් තොගයේ වටිනාකම රු. ලක්ෂ 40 කට අධික වේ. තවද විද්‍යුත් තරාධියක් ජංගම දුරකථන 02 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු හා භාණ්ඩ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී ඇත.

Read more

Local News