ගම සමඟ පිළිසඳරක් – අයවැයෙන් වැඩ ලක්ෂයක්” ව්‍යාපෘතියේ නිල සමාරම්භය අද පෙ.ව 8.52ට දිවයින පුරා ගම් ආවරණය කරමින් ආරම්භ කෙරුණා.
2022 අයවැය මඟින් ඉදිරිපත් කළ යෝජනාවක් අනුව නිෂ්පාදන ආර්ථිකයක් ශක්තිමත් කිරීම අරමුණ ඇතිව මෙම ජාතික වැඩපිළිවෙල ක්‍රියාත්මක වනවා.
දිවයින පුරා ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාශ 336 ආවරණය වන පරිදි ග්‍රාම නිලධාරි කොට්ඨාශ 14,021ක මෙම වැඩසටහන ක්‍රියාත්මක වනවා.
ඒ අනුව එක් ග්‍රාම සේවා වසමක ව්‍යාපෘති 5ක් හෝ 6ක් ආරම්භ කිරීමට සැළසුම් කර තිබෙනවා.
ග්‍රාම නිලධාරී වසම් කේන්ද්‍ර කරගනිමින් මෙය ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.
මහජන අවශ්‍යතා ඔවුන් විසින් ම හඳුනාගැනීමට හැකිවන ලෙස ව්‍යාපෘති හඳුනාගැනීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් ම විමධ්‍යගත කර තිබෙනවා.
ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් ක්‍රියාත්මක කරන මෙම ජාතික වැඩපිළිවෙල මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ සැලසුමක් හා මඟපෙන්වීමක් අනුව සිදු කෙරෙනවා.



