අද (04) සවස් කාලයේ දිස්ත්‍රික්ක කිහිපයක වැසි ස්වල්පයක් පමණක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව නුවරඑළිය, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතිවිය හැකි වැසි ස්වල්පය හැරුණුකොට, දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකියි.



