February 5, 2022 07:23 pm
රටේ පවතින වත්මන් අර්බුදයන්ට පිළියම් ලෙස විසදුම් යොජනාවලියක් රජයට ඉදිරිපත් කිරීමට සූදානම් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමස්ත ලංකා කාරක සභා අනුමැතිය හිමිවු බව ද පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමස්ත ලංකා කාරක සභාව ඊයේ (05) රැස්වීමෙන් අනතුරු මෙම තීරණය ගෙන තිබෙනවා.



