පළාත් කිහිපයකට තරමක තද වැසි

Share

නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර සහ සමරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

සබරගමුව පළාතේත් නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු-මැද සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ නිවේදනයේ දැක්වේ.

Read more

Local News