විශේෂ කාර්ය බලකාය කලවංචිකුඩි කඳවුරේ නිලධාරීන්ට වාලච්චේන යුධ හමුදා කඳවුරේ බුද්ධි අංශයෙන් ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් යටතේ කලවංචිකුඩි කඳවුරේ දෙවන කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ටී.එම්.එම්.යූ.කේ.බී. තෙන්නකෝන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2022.02.06 වන දින පැය 1600 ට මුතුර් පොලිස් වසමේ, තාරික් පාර, නෙයිදල් නගර් ප්‍රදේශයේ දී අලෙවි කිරීම සදහා සුදානම් කර තිබු වාලම්පුරි දෙකක් සන්තකයේ තබාගෙන සිටි මුතූර් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මුතුර් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.




