අයි ඕ සී සමාගම සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක් රුපියල් 07 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 184 ක්.
ඔක්ටේන් 95 ද රුපියල් 03 කින් ඉහළ දමා ඇති බව අයි ඕ සී සමාගම පවසනවා.
මීට අමතරව ඔටෝ ඩීසල් ලීටරයක මිල ද රුපියල් 03 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 124 ක්.



