හැමදාම මේ රට සමත් කළේ තරුණ පරම්පරාව

Share

ශ්‍රී ලංකා – පාකිස්තාන කික් බොක්සිං තරගාවලියේ අවුරුදු 25න් පහළ කිලෝග්‍රෑම් 55 බර පන්තියේ රන් පදක්කම දිනා මව්බිමට අභිමානය ගෙනා ඉන්දුකාදේවි කනේෂ් ක්‍රීඩිකාව ඊයේ (09) විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වුණා.

මුලතිව්, පුදියනගර්හි උපත ලබා අධිෂ්ඨානශීලීත්වයත්, අප්‍රමාණ කැපවීමත්, නොපසුබස්නා උත්සාහයත් පෙරටුකොටගෙන ආ ගමනක ප්‍රසංශනීය ප්‍රතිඵලයක් ලෙස ඇය උපන් මාතෘ භූමියට කීර්තියක් අත්පත් කොට දුන්නා. 

ඒ පිළිබඳව විපක්ෂ නායකතුමා සිය හෘදයංගම ප්‍රණාමය පිපිරිනමනු ලැබූ අතර ඇයට රුපියල් ලක්ෂයක මූල්‍ය පරිත්‍යාගයක් ද කරනු ලැබුවා.

ඇයගේ ඉදිරි ගමනට අවශ්‍ය ඕනෑම විටක සහයෝගය ලබාදෙන බවට ද විපක්ෂ නායකතුමා සහතික වුණා.

මෙම හමුව සංවිධානය කළේ සමගි වනිතා බලවේගය විසින් වන අතර එහි සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස මෙම කටයුත්ත සිදු වුණා.

බොහෝ අවස්ථාවල මේ රටට ජයග්‍රහණ සහ කීර්තිය අත්පත් කර දුන්නේ තරුණ පරම්පරාව බවත් තමන්ට ඉඩ ලැබෙන සෑම අවස්ථාවකම ඔවුන් මේ රට සමත් කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවා.

ඕනෑම රටක තාරුණ්‍යය කියන්නේ  එම රටේ අනාගතය තීරණය කරන ප්‍රධාන සාධකය බව පැවසූ විපක්ෂ නායකතුමා ඒ තාරුණ්‍යය නිවැරදි ලෙස කළමනාකරණය කිරීම ඉතාම වැදගත් බව දප්‍රකාශ කළා.

ලංකාවේ ජනගහණයෙන් හතරෙන් එකක් නියෝජනය කරන්නේ තාරුණ්‍ය බවත් ඒ අතරින් ක්‍රීඩාව තුලින් ලෝකය ජයගත් වීරයින් විශාල පිරිසක් අපට සිටින බවත් ඒ මහතා තවදුරටත් පැවසුවා.

Read more

Local News