අද දිනයේ (09) විදුලි කප්පාදුවක් සඳහා ලංකා විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලීමක් ලැබී නොමැති බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරනවා.
ඒ අනුව දැනට පවතින ධාරිතාවයෙන් අද දිනයේ විදුලි ඉල්ලුම සපුරා හැකි බව ද එම කොමිසම දැනුම් දුන්නා.
එසේ වුවත් පස්වරු 6.00 සිට රාත්රී 10.00 තෙක් හැකිතාක් විදුලි පරිභෝජනය සීමා කරන ලෙස එම කොමිසමේ සභාපති, ජනක රත්නායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා



