අද විදුලිය කපන්නෙ නෑ – කපන තීරණය හෙට

Share

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අක්‍රීයව පැවති කෙරවලපිටිය යුගදනවි බලාගාරය අද උදෑසන සිට ජාතික පද්ධතියට එක් කර තිබෙනවා.

මේ අතර අද දින විදුලි කප්පාදුවක් සිදු කරන්නේ නැති බව විදුලිබල මණ්ඩලය පවසනවා.

ඉදිරියේදී විදුලි කප්පාදු කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් හෙට දින සාකච්ඡා කර තීරණයක් ගන්නා බවයි විදුලිබල මණ්ඩලය වැඩිදුරත් පැවසුවේ.

Read more

Local News