මිලියන නවයකට ආසන්න මත් ද්‍රව්‍ය පාර්සල් පහක් අත්අඩංගුවට

Share

ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් මධ්‍යම තැපැල් හුවමාරුව තුළ සිදුකරන ආවේක්ෂණ රාජකාරිවල දී මත් ද්‍රව්‍ය අඩංගු වේ යයි සැක පිට පාර්සල් පහක් පරීක්ෂණ කටයුතු සඳහා නවතන ලදී .

මෙම පාර්සල් බ්‍රිතාන්‍ය, ජර්මනිය හා කැනඩාව යන රටවල්වලින් කොළඹ හා ගම්පහ ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් වෙත එවා තිබිණි .

පසුව සොයා බැලීමේ දී මේවා ව්‍යාජ ලිපිනයන් බව තහවුරු කර ගන්නා ලදී .

විවෘත කරන ලද පාර්සල් තුළ kush නැමැති ගංජා 472 g හා ectasy නැමැති මත් පෙති 302 පෞද්ගලික භාණ්ඩ තුල සූක්ෂම ලෙස සඟවා තිබිය දී සොයා ගන්නා ලදී .

මෙම සොයා ගන්නා ලද මත්ද්‍රව්‍යවල වෙළෙඳපොළ වටිනාකම මිලියන නවයකට ආසන්න බව තහවුරු කරන ලදී.

මෙම අත්අඩංගුවට ගැනීම ශ්‍රී ලංකා රේගුව, මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදුකරන ලද අතර පරීක්ෂණ කටයුතු අවසානයේ මෙම මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ශ්‍රී ලංකා පොලිසිය මත්ද්‍රව්‍ය නාශක අංශයට භාරදීමට නියමිතය.

Read more

Local News