ශ්‍රී ලංකාවේ ප්‍රවාහන පද්ධතියට මෝටර් නොවන ප්‍රවාහන ක්‍රම හඳුන්වා දීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩලය පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.
මෝටර් නොවන ප්‍රවාහන ක්‍රම භාවිතය තුළින් වායු දූෂණය අවම කිරීම හා ශරීර සෞඛ්‍යට ධනාත්මක බලපෑමක් ඇති කරන බවයි කැබිනට් පත්‍රිකාවේ සඳහන් වන්නේ.
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ, ඒ අනුව ඉදිරියේ දී මැතිඇමතිවරුන්ද පාපැදියෙන් සිය රාජකාරී කටයුතු සඳහා පැමිණෙනු ඇති බවයි.



