මන්න රමේෂ්ගේ සමීපතමයෙක් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට

Share

පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග පරිදි සංවිධානාත්මක අපරාධ 2 නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පොලිස් පරීක්ෂක පාරමුල්ලගේ හා උප පොලිස් පරීක්ෂක S.K කාහින්ගල ඇතුළු නිලධාරී කණ්ඩායමක් විසින් අවිස්සාවේල්ල ඉහළ තල්දූව ප්‍රදේශයේ දී අපරාධ රැසකට සමිබන්දව පොලීසියට අවශ්‍ය සිටි වයස අවුරුදු 32 ක පුද්ගලයෙකු අනවසරයෙන් නීතිවිරෝධීව කැළණි ගඟ ආශ්‍රිතව පතල් කැණීම සිදු කිරීම හා නීතිවිරෝධී මද්‍රව්‍ය අලවි කරන බවට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ 2 නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේ දී ඉන්දියාවේ සිට මෙරටට හොර රහසේ ගෙන ආ ඔහු සන්තකයේ තබා ගෙන සිටි කේරළ ගංජා ග්‍රෑම් 235ක් සමග මත් පෙති 50ක් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙහිදී අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙ නිවස සහ ත්‍රීරෝද රථය වැඩිදුර සෝදිසි කිරීමේ දී ජනතාව බිය වද්දා කපා කෙටීම සදහා යොදාගත් කඩු 2ක් සමග අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙ ත්‍රීවීල් රථයේ තිබී සොයාගන්නා ලද අතර මෙම කේරළ ගංජා අලෙවි කිරීමෙන් උපයා ගත් රුපියල් ලක්ෂයකට වැඩි මුදල් ප්‍රමාණයක් ද සමග අත්අඩංගුවට ගෙන අවිස්සාවේල්ල පොලිස් ස්ථානය වෙත ඉදිරි නීතිමය කටයුතු සදහා ඉදිරිපත් කරන ලදී

Read more

Local News