සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ඔස්ට්‍රේලියාව අතර තරග 5කින් සමන්විත විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය අද (18) පැවැත්වෙනවා.
ඒ මෙරට වේලාවෙන් පස්වරු 1.40ට මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.
දැනට තරඟාවලිය 3-0ක් ලෙස ජයගෙන සිටින ඕස්ට්‍රේලියාව සිය ප්‍රබලම වේග පන්දු යවන්නන් තිදෙනා වන පැට් කමින්ස්, ජෝෂ් හේසල්වුඩ් සහ මිචෙල් ස්ටාක් විවේක ගැන්වීමට ඔස්ට්‍රේලියාව කටයුතු කර තිබෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමේද එක් වෙනස්කමක් සිදුවනු ඇති බවට වාර්තා වනවා. ඒ අනුව තෙවැනි තරගයේ දී ආබාධයකට ලක් වූ නුවන් තුෂාර වෙනුවට ෂිරාන් ප්‍රනාන්දු ශ්‍රී ලංකා කණ්ඩායමට කැදවීමට නියමිතයි.
ඔස්ට්‍රේලියාව සිය ප්‍රබලම වේග පන්දු යවන්නන් තිදෙනා වන පැට් කමින්ස්, ජෝෂ් හේසල්වුඩ් සහ මිචෙල් ස්ටාක් විවේක ගැන්වීමට කටයුතු කර තිබෙනවා.