පෞද්ගලික විදුලි ජනන යන්ත්‍ර ඇති අයට ස්වයං ජනනයට උපදෙස් දී ඇතැයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද සියත පිළිසදරට එක්වෙමින් ප්‍රකාශ කළා.
ඒ අනුව ඊයේ දිනය තුළ පමණක් මෙගාවොට් 70ක් විදුලි බල මණ්ඩලය ඉතිරි කර ගත් බවයි ඔහු පවසන්නේ.
මහජන උපයෝගිතා කොමිසම විදුලි බල තාක්ෂණය පිළිබදව කිසිදු දැනුමක් නැතිව ක්‍රියා කරන බවයි මේ අතර විදුලි බල මණ්ඩල වෘත්තිය සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් ප්‍රකාශ කරන්නේ.
මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ සුනිත්‍ය බලශක්ති අධිකාරියට හදිස්සියේ ගොස් තිබෙනවා.



