විශේෂ කාර්ය බලකාය මූලස්ථාන කදවුරේ ස්ථාපිත විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් යටතේ ප්‍රධාන පොලිස් පරීක්ෂක බී.එස්.එච්. පීරිස් මතාගේ අධීක්ෂණය යටතේ පොලිස් පරීක්ෂක බි.එස්.ඊ.එච්. මෙන්ඩිස් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2022.02.18 වන දින පැය 1505 ට කොටුව පොලිස් වසමේ මල්වත්ත පාර, මහජන බැංකුව ඉදිරිපිට දී රුපියල් 4,000,000.00 ක වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය ග්රෑමි 248 ක් සන්තකයේ තබාගෙන සිටි කොළඹ 11 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 53 ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී ඇත.




