තමාගේ පාලන කාලය තුළ ජනතාව සතුටින් ජීවත් වූ බව හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසනවා.
එම කාලය තුළ භාණ්ඩ මිල පහත වැටුණු බවත් ලෝක නායකයින් සියලුම දෙනා සමඟ මිත්රශීලීව කටයුතු කිරීම හේතුවෙන් රට කරගෙන යාමට සියලු දෙනාගේ සහය හිමිවූ බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ.
ශ්රී ලංකා නිදහස් පක්ෂ යාපනය දිස්ත්රික් සමුළුව අමතමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර ඇත.



