වික්ටෝරියා ජලාශය පතුලට ම සිඳෙයි

Share

මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවල මේ දිනවල පවතින වැසි රහිත වියලි කාලගුණය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම පතුලටම සිඳී යමින් තිබෙන බව වාර්තා වේ.

ජල විදුලිය නිෂ්පාදනය සඳහා ජලය මුදා හැරීම සඳහා සහ කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය ගබඩා කර ගන්නා ප්‍රධාන ජලාශයක් වන වික්ටෝරියා ජලාශයේ ජලය දිනකට ඝණ මීටර් ලක්ෂ ගණනින් සිඳි යමින් පවතින බව මහවැලි අධිකාරියේ උසස් නිලධාරියෙකු පසුගියදා ප්‍රකාශ කර තිබිණි.

මේ වන විට වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම පහත වැටී පැරැණි තෙල්දෙණිය නගරය මතු වීමට ආසන්නව පවතින අතර සිඳි යමින් පවතින ජලාශය දැක ගන්නට විශාල පිරිසක් එන බවද ප්‍රදේශවාසීන් පවසයි.

Read more

Local News