රක්ෂිතයට ඇතුළු වී සතුන් දඩයම් කල පුද්ගලයින් පස් දෙනෙකුට වැඩ වරදී

Share

විශේෂ කාර්ය බලකාය මහඔය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව දෙවන කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ඒ.එම්.සී.බී. අත්තනායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2022.02.20 වන දින මහඔය පොලිස් වසමේ මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ ඔමුණුගල කැළැ ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී පැය 0845 ට රක්ෂිතයට ඇතුළු වී බලපත්‍ර නොමැති මෙරට නිපදවන ලද වෙඩිබෙහෙත් කොටන තුවක්කුවක් ආධාරයෙන් සතුන් දඩයම් කිරිම සහ දඩමස් ලග තබා ගැනිමේ වරදට ඉරාසතුරෛ නගර් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25,29,29,34,35 වයසේ පසුවන පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පනිජ්ජාඔය වනජීවී කාර්යාලය වෙත භාර දී ඇත.

අත්අඩංගුවට ගත් භාණ්ඩ :-
1) වල් ඌරු මස් කිලෝ ග්‍රෑම් 22 යි.
2) මව මස් කිලෝ ග්‍රෑම් 25 යි.
3) වෙඩි බෙහෙත් කොටන තුවක්කු 01 යි.
4) පිහි 02 යි.
5) ඊයම් පතොරම් 13 යි.
6) විදුලි පන්දම් 05 යි.

Read more

Local News