දිස්ත්‍රික්ක කිහිපයකට වැසි

Share

ගාල්ල, මාතර, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවල සවස් කාලයේ දී හෝ රාත්‍රි කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

නැගෙනහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල රාත්‍රී කාලයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැක.

සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතී.

සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

Read more

Local News