නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Share

තීරු බදු නොගෙවා මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසනවා.

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට නාවික හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරකට අනුව 2022.02.22 වන දින මෙම වැටලීම සිදුකර තිබෙනවා.

එහි දී නීති විරෝධී ලෙස තීරු බදු නොගෙවා මෙරටට ගෙන්වන ලද රුපියල් ලක්ෂ 05 කට අධික වටිනාකමින් යුතු දුම්වැටි 6,000 කට අධික ප්‍රමාණයක් හමු වී තිබෙනවා.

මෙම දුම්වැටි තබාගෙන සිටි ජාඇල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 52 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කදාන පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

Read more

Local News