පාස්කු ඉරිදා ප්රහාරය පිළිබඳ සෙවීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා අවසන් වාර්තාව හා සබැඳි සාක්ෂි සටහන් ඇතුළු සියලුම වෙළුම් පාර්ලිමේන්තුවට භාර දීම ඊයේ (22) සිදු වුණා.
ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂිවල වෙළුම් 88කින් යුක්ත සම්පූර්ණ වාර්තාව ජනාධිපති නීති අධ්යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත පාර්ලිමේන්තුවේ දී භාර දී තිබෙනවා.



