සමගි ජන බලවේගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක්

Share

පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති අධිභාර පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (23) පෙත්සමක් ගොනු කරනු තිබෙනවා.

සේවක අර්ථසාධක අරමුදලට සහ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදලට අධිභාරයක් පැනවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන වලට පටහැනි බව ද පෙත්සම්කරු මෙම පෙත්සමේ සඳහන් කර තිබෙනවා.

මෙම පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කරනු ලැබ තිබෙනවා.

Read more

Local News