විදුලිය බිඳවැටීම නිසා ජීවිතයකට වෙන්න ගිය හානියක් පිළිබඳව අම්බලන්ගොඩ ප්රදේශයෙන් අපට වාර්තා වුණා.
අම්බලන්ගොඩ කොස්ගොඩ පොලිස් වසමේ නිවසක විදුලිය විසන්ධි වීමත් සමඟ දැරියකට පාඩම් කිරීම සඳහා දැල්වූ ඉටිපන්දමක් පෙරලී ගොස් තිබෙනවා.
ඉන් නිවැසියන්ට හානි සිදු වී නැති අතර ඉගෙනුම් කටයුතුවල යෙදී සිටි 13 හැවිරිදි දිල්මි අමායාගේ සියලු පොත් පත් ගිනි රකුසාට බිලි වී අවසන්.



