නේපාලය තුළ නායයෑමේ ව්‍යසනය හේතුවෙන් චීනයේ Xizang ස්වායත්තයට එල්ලවී ඇති ජීවිත හානි පිළිබඳ චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශයෙක් ප්‍රතිචාර දක්වා ඇත.
චීනයේ විවිධ ආයතනයන්ට අයත් හදිසි ගලවා ගැනීමේ කණ්ඩායම් නිසි කලට ආපදා ප්‍රදේශවලට ගොස් ඇති බව එහි ප්‍රකාශක Lin Jian ඊයේ(27) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී දන්වා ඇත. චීනය, නේපාල රජය හා එරට පීඩාවන්ට ලක්වූ ජනතාව වෙත හෘදයාංගම සංවේගය පළ කර තිබේ. චීනය, නේපාලය සමග සන්නිවේදනය පවත්වමින් එරට අවශ්‍යතාවන්ට සරිලන පරිදි හදිසි සහනාධාර ලබා දීමට සූදානම්ය. එමෙන්ම, ගලවා ගැනීමේදී චීන වැසියන් හෝ විදේශිකයන් හෝ වෙනසක් නොමැතිව සමාන ලෙස සලකන බව ද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.
Share
Read more



