අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367ක් ආනයනය සීමා කෙරේ

Share

වත්මන් ආර්ථික තත්වය නිසි ලෙස කළමනාකරණය සඳහා සීමිත කාලයකට ආනයන සීමා කිරීමට රජය තීරණය කර තිබෙනවා.

මහ බැංකු නිර්දේශ අනුව ක්‍රමවේද තුනක් යටතේ ආනයන සීමා ක්‍රියාත්මක කරනු ඇති.

මෙලෙස ආනයනය පාලනය කළ භාණ්ඩ අතරට,

මස් හා මාළු නිෂ්පාදන
කිරි ආශ්‍රිත නිෂ්පාදන
පළතුරු
පිටි ආශ්‍රිත නිෂ්පාදන
සකස් කරන ලද ආහාර
චොකලට්
පැස්ටා වර්ග
මත්පැන් හා බීම වර්ග
දුම්වැටි ඇතුළු දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන
සුවඳ විලවුන් ඇතුළු රූපලාවන්‍ය නිෂ්පාදන
මුඛ සෞඛ්‍යයට අදාළ නිෂ්පාදන
ඉටිපන්දම් හා ලාම්පු වර්ග
රබර් ආශ්‍රිත නිෂ්පාදන
ලෙදර් ආශ්‍රිත නිෂ්පාදන
ගමන් මළු
හම් ආශ්‍රිත නිෂ්පාදන
කාපට්
ඇගළුම් හා ආශ්‍රිත නිෂ්පාදන
පාවහන්
හිස්වැසුම්
කුඩ
පනා
සෙරමික් නිෂ්පාදන
වීදුරු නිෂ්පාදන
විදුලි නොවන ගෘහස්ත උපකරණ
මුළුතැන්ගේ උපකරණ
ගෘහ භාණ්ඩ
විදුලි උපකරණ
පරිගණක උපකරණ
ඇස් කණ්නාඩි
ඔරලෝසු
සංගීත භාණ්ඩ
සෙල්ලම් බඩු

ආනයනය සීමා වනු ඇති.

ආනයන සීමා කිරීමට අදාළ ගැසට් පත්‍රය ඊයේ (09) රජය නිකුත් කර ඇත.

Read more

Local News