දකුණු ඇමෙරිකාවේ පැනමා රටේ සිට බෙල්ජියම සහ සෞදි අරාබිය හරහා කොළඹ වරායට 18.03.2022 දින පැමිණ ඉන්දියාවට ප්‍රතිනැව්ගත කිරීම සඳහා සුදානම් කර තිබුණු සැක සහිත අඩි 20 බහාලුම් 4 ක් ශ්‍රී ලංකා රේගුවේ වරාය පාලන අංශයේ නිලධාරීන් විසින් පරීක්ෂා කරන ලදී.
මෙම බහාලුම් තුල අබලි යකඩ අඩංගු බවට නැවු භාණ්ඩ ලේඛනයේ සඳහන් කර තිබුණ අතර ඉන් එක් බහාලුමක් තුල තිබී කොකේන් නමැති මත් ද්‍රව්‍ය තොගයක් සොයා ගනු ලැබුවා.
මේ වන විට එහි ගමන් බෑග 10 ක් තුල ඇසුරුම් කොට විශාල යකඩ බඳුනක් තුල සඟවා තිබුණ කොකේන් කිලෝ 300 ක පමණ තොගයක් සොයා ගනු ලැබ තිබෙනවා.
මෙම කොකේන් තොගයේ වෙළඳපළ වටිනාකම රුපියල් මිලියන 6,000 ක් පමණ වන බව ගණන් බලා තිබෙනවා.
ශ්‍රී ලංකා රේගුවේ මත් ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් මෙම කොකේන් තොගය අත්අඩංගුවට ගෙන ඇති අතර මේ පිළිබඳ මූලික විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.
මූලික විමර්ශන අවසානයේ මෙම මත් ද්‍රව්‍ය තොගය පොලිස් මත් ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දීමට නියමිතයි.










