දකුණු අප්‍රිකාවේ තානාපති විදෙස් ඇමති හමුවෙයි

Share

දකුණු අප්‍රිකාවේ තානාපති සන්ඩිල් එඩ්වින් ෂැල්ක් මහතා විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය පීරිස් මහතා මාර්තු 25 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී හමුවිය.

දකුණු අප්‍රිකාවේ ස්ථාපිත සත්‍ය හා ප්‍රතිසන්ධානය නමැති කොමිෂන් සභාව සතු අත්දැකීම් පිළිබඳව සාකච්ඡා කිරීම, මෙම හමුවේ ප්‍රධාන අරමුණ විය.

මෙම අත්දැකීම් ශ්‍රී ලංකාව තුළ පවතින වාතාවරණයන්ට ගැළපෙන පරිදි නිර්මාණාත්මකව සකස් කර ගැනීමට වගබලා ගන්නා අතරම, අනෙකුත් රටවල් සතු ධනාත්මක අත්දැකීම් සමීපව අධ්‍යයනය කිරීම ශ්‍රී ලංකා රජයේ අපේක්ෂාව බව, විදේශ කටයුතු අමාත්‍යවරයා මහ කොමසාරිස්වරයා හමුවේ පැහැදිලි කළේ ය.

දකුණු අප්‍රිකාව තුළ සිදු කෙරෙන ක්‍රියාවලියේ සියලුම අංග සහ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා මැතිතුමා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව ක්‍රියාත්මක කළ විවිධ මුලපිරීම් යනාදිය පිළිබඳව, මහ කොමසාරිස්වරයා විසින් විදේශ කටයුතු අමාත්‍යවරයා පුළුල් ලෙස දැනුම්වත් කරන ලදී.

Read more

Local News