අඩු ආදායම් ලාභීන්ට සුභ ආරංචියක්

Share

සිංහල අලුත් අවුරුද්දට අඩු ආදායම් ලාභී පවුල් සඳහා රුපියල් 5,000 බැගින් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

එම විශේෂ දීමනාව මාස දෙකක කාලයක් සදහා ලබාදීමට ඊයේ (28) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී අනුමැතිය හිමිව තිබෙන බව වාර්තා වනවා.

ඒ අනූව ලක්ෂ 31කට ආසන්න පිරිසකට අදාළ දීමනාව හිමිවන බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මාධ්‍යයට සඳහන් කළා.

Read more

Local News