වාහන අංක තහඩු ප්‍රථම වරට දේශීයව නිෂ්පාදනය කිරීමට පියවර

Share

විදේශ විනිමය මෙරටට ඉතිරි කර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙසින් රථ වාහන අංක තහඩු මෙරට ප්‍රථම වරට නිෂ්පාදනය කිරීම සඳහා කොළොන්නාවේ පිහිටි රජයේ කර්මාන්තශාලාව තීරණය කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

ප්‍රථම වරට රථ වාහන අංක තහඩු දේශීයව නිෂ්පාදනය කිරීම සහ එතුළින් වාර්ෂිකව විදේශ රටවලට ඇදී යන අතිවිශාල මුදල් ප්‍රමාණය ඉතිරි කරගැනීමට සැලසුම් කරමින් සිටින බව කොළොන්නාව රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ කළමනාකරණ අධ්‍යක්ෂ කේ.පී. වතුගේ මහතා විසින් පෙන්වා දෙන ලදී.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත හා සංඛ්‍යා ලේඛනවලට අනුව, වසරකට වාහන ලක්ෂ 05 ක් පමණ මෙරට ලියාපදිංචි කරයි. ඒ අනුව, අවම වශයෙන් වසරකට වාහන අංක තහඩු ලක්ෂ 10 ක පමණ ඇනවුමක් විදෙස් රටවලට ලබාදෙයි. මේ අනුව, වසරකට රුපියල් මිලියන 600 ක් පමණ මුදලක් විදේශයන්ට ඇදීයයි.

Read more

Local News