ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙල – 2020 සඳහා අයදුම්පත් කැඳවයි

Share

ජාතික හා ජාත්‍යන්තර ක්‍රීඩා ක්ෂේත්‍රයේ විශිෂ්ට දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රාජ්‍ය මට්ටමින් අගයනු පිණිස තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍යංශය “ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙල- 2020” පැවැත්වීමට සැලසුම් කොට ඇත.

ඒ සඳහා අයැඳුම් කරන්නැ,යි තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය ක්‍රිඩක ක්‍රීඩිකාවන්ට හා ජනමාධ්‍යවලට ආරාධනා කරයි.

සම්මාන ප්‍රදානය සඳහා තෝරා ගනු ලබන්නේ 2020.01.01. සිට 2020.12.31 දක්වා ක්‍රීඩා ක්ෂේත්‍රයේ විශිෂ්ට දස්කම් ප්‍රදර්ශනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්වන්ය.

මීට අමතරව ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් කළ ජනසන්නිවේදන දායකත්වය අගයමින් ජනමාධ්‍යවලට ද සම්මාන ප්‍රදානය කෙරේ. ජනාධිපති ක්‍රීඩා රන් සම්මාන 34ක් ප්‍රදානය කිරීමට නියමිතය.

අමාත්‍යාංශයේ වෙබ් අඩවියට www.moys.gov.lk පිවිසීමෙන් අයැදුම්පත සහ අදාළ සියලු විස්තර ලබා ගත හැක.

Read more

Local News