වතු සේවකයන්ට අසාධාරණව සැළකීම වැළක්වීමට නව නීති ගේනවා – කම්කරු අමාත්‍ය

Share

මෑත කාලයක සිට වතු සමාගම් පාලකයන් වතු කම්කරු ජනතාවට විවිධ අසාධාරණකම් හා පීඩාවන් සිදුකරන බවට පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබී ඇති බැවින් වතු කම්කරු ජනතාවට සාධාරණව කම්කරු නීති රීතිවලට අනුකූලව යහපත් සේවා තත්ත්වයක් උදාකරදීමට වතු කම්කරුවන්ගේ යහපත උදෙසා නව නීතිරීති පැනවීමට සිදුවන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, පසුගියදා (29) කම්කරු දෙපාර්තමේන්තුවේ දී පැවති වතුකම්කරුවන්ට සිදුවන අසාධාරණකම් පිළිබඳ ලැබී ඇති පැමිණිලි පිළිබඳව වතු සමාගම් නියෝජිතයන් හා වෘත්තීය සමිති නායකයන් සමඟ පැවැති සමඟ පැවති සාකච්ඡාවක දී ය.

Read more

Local News