පවතින ඩිසල් හිඟය හේතුවෙන් පෞද්ගලික බස් රථ ධාවනය බරපතල ගැටලුවකට පත්ව ඇති බවයි පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.
එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සියත අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ ඉදිරි දින දෙකෙන් පසුව පෞද්ගලික බස් රථ සියල්ල ධාවනයෙන් ඉවත් කිරීමට සිදුවනු ඇති බවයි.



