මිරිහානේ මහජන විරෝධතාව අතරතුර පුද්ගලයින් 45 ක් අත්අඩංගුවට

Share

මිරිහාන ප්‍රදේශයේ ඊයේ (31) මහජන විරෝධතාව අතරතුර ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 45 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ගැටුමේදී පොලිස් බස් රථයක්, පොලිස් ජීප් 1ක්, යතුරුපැදි 2ක් සහ ජල ප්‍රහාරක ට්‍රක් රථයකට හානි සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළා.

Read more

Local News