මිරිහානේ ජනාධිපතිවරයා ජීවත් වන පෞද්ගලික නිවසට ප්රවේශ වන ප්රධාන මාර්ගයේදී පුද්ගලයෙකු සියදිවි නසාගැනීමට තැත් කර ඇත.
අදාළ පුද්ගලයා විදුලිය විසන්ධි කරන රැහැන්වලට ඉහළින් තිබූ අධි බලැති විදුලි රැහැන ස්පර්ශ කර තිබෙන බවයි පොලීසිය සඳහන් කළේ.
එම පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇත.



