රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර සති 06ක් ගත වනවා. රුසියාවේ ප්‍රධාන ඉලක්ක 4ක් දක්නට ලැබුණා. ඒ Mariupol, Kyiv, Bucha, Odesa.
Odesa සහ Mariupol යනු වරාය නගරයි. ඒ නගර දෙකට දැඩි ප්‍රහාර එල්ල කළේ කළු මුහුදේ බලය තහවුරු කර ගැනීමේ අරමුණිනුයි.
තවමත් Mariupol වල රුසියානු හමුදා රැදී සිටිනවා. දැනට දින 03ක සිට රතු කුරුස හමුදාව Mariupol වෙත යාමට උත්සාහ කරනවා.
නමුත් රුසියානු හමුදාවල බාධා කිරීම හා බිම් බෝම්බ නිසා ගමන අඩාල වී ඇති බවයි වාර්තා වන්නේ. Mariupol නගරය සම්පුර්ණයෙන් ම අල්ලා ගැනීමට රුසියානු හමුදාවට තවමත් හැකි වුණේ නෑ.
ඒ යුක්‍රේන හමුදාවල ප්‍රතිප්‍රහාර නිසයි. ඉතා පැහැදිලිව රුසියානු හමුදා Donbas කලාපය දෙසට ගමන් කරමින් ඉන්නවා.
නේටෝ මහලේකම්වරයා අනතුරු අඟවා ඇත්තේ රුසියානු හමුදාව Donbas කලාපයට පහරදීමට සූදානම් වන බවයි. Donbas කලාපය බේරා ගැනීම සඳහා යුක්‍රේන හමුදාවට සහය වන බව ඔහු පවසනවා.
හෙට නේටෝ රාජ්‍ය නායකයින් හමුවීමට නියමිතයි. එහිදී යුක්‍රේනයට යුධ ආධාර වශයෙන් නව යුධ ටැංකි ඇතුලු ආයුධ ලබා දීමට තීරණය කරන බව නේටෝ මහ ලේකම් පවසනවා.
මේ අතර ඊයේ යුක්‍රේන ජනාධිපති එක්සත් ජාතීන්ගේ සංගමය අන්තර්ජාලය ඔස්සේ ඇමතුවා. එහිදී ඔහු ප්‍රකාශ කළේ රුසියාවට එරෙහිව පියවර ගන්න බැරි නම් එක්සති ජාතීන්ගේ සංවිධානය විසුරුවා හරින ලෙසයි. මෙවැනි විශාල යුධ අපරාධයක් සිදු කරද්දීත් එක්සත් ජාතීන්ගේ සංවිධානය තවදුරටත් නිහඬව සිටීම පිලිබඳ ඔහු සිය විරෝධය ප්‍රකාශ කළා.



