විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය 2 ට ලද සාර්ථක බුද්ධි තොරතුරකට අනුව ශ්‍රී ලංකාවේ පුද්ගල ඝාතන රැසකට සම්බන්ධ ප්‍රභල අපරාදකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ජීලේ නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ ප්‍රධාන ගෝලයෙකු වන චාමර නැමැත්තා 2022.04.07 වන දින හෙරොයින් ග්‍රෑම් 12ක් සමගින් අත්අඩංගුවට ගන්නා ලදී.
කඩවත ගෝනහේන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් මොහු වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයට භාර දුන් අතර වැටලීම විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය 2 හි ස්ථානාධිපති පොප CR පාරමුල්ලගේ මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායම විසින් සිදු කරන ලදී.
දැනට ලංකාවේ විවිධ ප්‍රදේශ තුල සිදු වූ පුද්ගල ඝාතන රැසකට අවි ආයුධ හා රථ ලබා දීම මොහු විසින් සිදු කර ඇති බවට අනාවරණය විය.
ජීලේ නැමති සංවිධානාත්මක අපරාධකරු විසින් මොහුට දුරකථන මාර්ගයෙන් උපදෙස් ලබා දෙන අතර මොහු මේ වන විට ලංකාවේ විවිධ ප්රවේශවලට හෙරොයින් මත්ද්‍රව්‍ය විශාල වශයෙන් හා පුද්ගල ඝාතන රැසකට අවි ආයුධ විශාල වශයෙන් සපයා ඇති බවට තොරතුරු අනාවරණය විය.



