එළඹෙන 12,13,14 දිනවලදී ඉන්ධන පිරවුම්හල් වෙතින් කෑන් සහ බූලි වෙත ඉන්ධන නිකුත් කිරීම සම්පූර්ණයෙන් අත්හිටුවීමට පියවර ගෙන ඇත.
එසේම ප්රදේශයේ කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීවරයා හෝ ග්රාම සේවා නිලධාරීවරයා මඟින් සහතික කර කෘෂිකර්මාන්තය සඳහා භාවිතා කරන රථ සඳහා ඉන්ධන ලබාගත හැකි බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.



