විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පොලිස් පරීක්ෂක ආර්.එම්.ඒ.පී.බී. රාජනායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2022.04.11 වන දින වත්තල පොලිස් වසමේ අංක 15/03/01, දික්ඕවිට, හැදලවත්ත ලිපිනයේ පිහිටි Oil Mart වෙළදසැල තුළ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී පැය 1415 ට පෙට්ට්රල් ඉන්ධන ලීටර් 30 කට අධික ප්රමාණයක් නීති විරෝධීව ගබඩා කර වැඩි මිළට අලෙවි කරමින් සිටි හැදලවත්ත ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 71 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වත්තල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.



