අද මධ්‍යම රාත්‍රියේ සිට හෙට මධ්‍යම රාත්‍රිය දක්වා ප්‍රවාහනයෙන් ඉවත් වීමට ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය තීරණය කළ බව පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.
පවතින ඩීසල් හිඟය සහ හෙට පැවැත්වෙන දීප ව්‍යාප්ත වැඩවර්ජනයට සහය දැක්වීමට මේ තීරණය ගත් බවයි ඔහු වැඩිදුරත් ප්‍රකාශ කළේ.



