Home දේශීය පුවත් මැයි 17 ශ්‍රී පාද වන්දනා වාරය අවසන්

මැයි 17 ශ්‍රී පාද වන්දනා වාරය අවසන්

0
මැයි 17 ශ්‍රී පාද වන්දනා වාරය අවසන්

ශ්‍රී පාද වන්දනා වාරය වෙසක් පොහෝ දිනයෙන් අවසන් වීමට නියමිතයි.

පහලව සහ දහසය යන දෙදින, ශ්‍රී පාද වන්දනාවේ පැමිණීමට හැකි බවත්, දාහත්වනදා දහවල් ශ්‍රී පාද උඩමළුවේ පැවැත්වෙන, විශේෂ ආගමික වතාවත්වලින් අනතුරුව, ශ්‍රී පාද උඩමළුවේ තැන්පත් කර තිබෙන, සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ, යුධ හමුදා භට පිරිස්වල සහයෝගය ඇතිව, පැල්මඩුල්ල, ගල්පොත්තාවල රජමහා විහාරස්ථානය වෙත වැඩම කරවීමට නියමිතයි.

ගල්පොත්තාවල රජමහා විහාරස්ථානයේ එදින පැවැත්වෙන ආගමික වතාවත් ගණනාවකින් අනතුරුව ශ්‍රී පාද උඩ මළුවේ සිට වැඩම කරන ලද සධාතුක කරඬුව සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශ්‍රී පාද අවාරය අවසන් වන තෙක් ගල්පොත්තාවල රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තැබීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here