ගෘහස්ථ ගෑස් බෙදා හැරීමේ කටයුතු දින 03ක් ප්රමාද වන බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඊයේ (17) සවස ගෑස් නෞකාවෙන් ගෑස් ගොඩබෑමට නොහැකි වූ අතර ඒ හේතුවෙන් ගෑස් බෙදා හැරීම ප්රමාද වන අතර ගෑස් පෝලිම්වල නොසිටින ලෙස ලිට්රෝ සමාගම ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.



